tr> tr> tr> tr> tr> tr> tr> tr> tr> tr> tr>

Sunday, March 2, 2014

රියාද් වධකාගාරයේ මාරක කතාව


වධකාගාරයේ සිටි මිනිස්‌සු පොලිසියේදී පොලිස්‌ නිලධාරීන්ට මුදල් දෙනවා මා දුටුවාග ඊට පසු ඔවුන් මා නැවතත් වධකයන්ට භාර දුන්නා උන් මාව කලින් සිටි තැනටම රැගෙන විත් ,තෝ පැනල යන්න නේද හැදුවේ,
කියා අසමින් දණහිසට මුගුරකින් පහර දී දණිස්‌ කටුව කුඩු කළා වම් පාදයේ වළලු කරට මුගුරකින් පහර දී කඩා මහල් තුනක්‌ උස ගොඩනැඟිල්ලක සිට මාව බිමට තල්ලු කළා ඒ වෙලාවේ මගේ නහයෙන් කටින් ලේ ගැලුවා දත් හත අටක්‌ ම කැඩිලා තිබුණා නමුත් මට නැගිට ගැනීමට නොහැකිව සිහි නැතිව ගියා පසුව කවුරුන් හෝ මා ගැන අනුකම්පා කර රියාද්වල පිහිටි රෝහලකට ගෙනවිත් භාර දී තිබුණා එහිදී මට ප්‍රතිකාර කර හොඳින් සැලකුවා එම රෝහලේදී 


අරාබි භාෂාවෙන් මුද්‍රණය කළ ලේඛනයකටත් මගෙන් අත්සන් ගත්තා එහිදී මගේ එක පාදයක්‌ කපා ඉවත් කිරීමට උත්සාහ කළත් මා ඊට ඉඩ දුන්නේ නෑ මගේ පාද දෙකටම කම්බි දමා සකස්‌ කොට නැවත ලංකාවට යන්න කියලා රෝහල් කාර්ය මණ්‌ඩලය මාව සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත භාර දුන්නා එහි මාස හතරක්‌ පමණ හිටියා එහිදීත් මා පුදුම විදිහට දුක්‌ වින්දා එහි කාමර දෙකක ශ්‍රී ලාංකික කාන්තාවන් අටසීයක්‌ පමණ සිටියා එහිදී කෑමට දෙන්නේ බත් හැන්දක්‌ පමණයි එහි ගැබිනි මවුවරුන් හා අසනීප තත්ත්වයේ පසුවන අය සිටියා බොන්න වතුර නෑ නාන්න නෑ අසනීපයක්‌ හැදුනොත් බෙහෙත් පෙත්තක්‌ දෙන්නෙ නෑ බබාල හම්බ වෙන්න සිටින ගැබිනි මවුවරුන්ට කෑමට ලබා දෙන පලතුරු ටික පවා තානාපති කාර්යාලයේ සේවය කරන අය කනවා

No comments:

Post a Comment